නීතී විරෝධීව වැලි ඇද්ද 9ක් දැලේ

නීතී විරෝධීව වැලි ඇද්ද 9ක් දැලේ

October 3, 2015   10:04 am




බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කරමින් වැලි ප්‍රවාහනය කළ පුද්ගලයන් 09 දෙනෙකු ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

ගිරාඳුරුකෝට්ටේ පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති  බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

වැලි ප්‍රවාහනය සඳහා ‍යොදාගන්නා ලද ට්‍රැක්ටර් රථ 09ක් ද එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  ගිරාඳුරුකෝට්ටේ  ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

ඔවුන් අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමට නියමිත අතර ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.