පොරොන්දුවේ පළමු පියවර..

පොරොන්දුවේ පළමු පියවර..

March 23, 2018  

Bookmark and Share
‘ලිට්ල් හාට්ස්’ වැඩසටහනේ අරමුදල උදෙසා සිය දායකත්වය ලබාදෙන බවට 2017 සැප්තැම්බර් මාසයේදී නිවේදනය කළDSL Enterprises පුද්ගලික සමාගම ඒ වෙනුවෙන්ම වෙළෙඳපොළට හඳුන්වාදුන් ‘ස්පීඞ් ලිට්ල් හාට්ස් ( Speed Little Hearts) පෑනක අලෙවියෙන් 20%ක් සහ ‘කැම්ලින් ලිට්ල් හාට්ස් ’ ( Camlin Little Hearts ) පැන්සල් අළෙවියෙන් 13% බැඟින් එම අරමුදලට ප‍්‍රදානය කරන බව ප‍්‍රකාශ කරන ලදී.

ඒ අනුව මාස කිහිපයක් තරම් කෙටි කලක් තුළ අදාළ අරමුදල සඳහා සිය දායකත්වයට මුලපුරමින් රුපියල් මිලියන 20ක දැවැන්ත මුදලක් ‘ලිට්ල් හාට්ස් අරමුදල’ වෙත ප‍්‍රදානය කිරීම පදනම් කරගත් මාධ්‍ය සාකච්ඡාවක් 2018 මාර්තු 22 වැනිදා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී පැවැත්වුණි.

ළමා රෝග පිළිබඳ ශ‍්‍රී ලංකා වෛද්‍ය විද්‍යාලය, තවත් සංවිධාන කිහිපයක් සමග එක්වෙමින් දියත් කරන ලද මෙම ‘ලිට්ල් හාට්’ ව්‍යාපෘතිය, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ළමා හෘද රෝග සහ බරපතල රෝග සත්කාරක සංකීර්ණයක් ගොඩනැගීමේ උදාර අරමුණින් ක‍්‍රියාත්මක වන්නකි. මෙම රෝහල් සංකීර්ණය උපතින්ම හෘදයාබාධයන්ට ලක්වූ දරුවන් හට ප‍්‍රතිකාර කිරීම පිණිස වෙන්වනු ඇති අතර ශ‍්‍රී ලංකාව තුළ වසරකට එවැනි දරුවන් 3000කට අධික පිරිසක් උපත ලබන බව සංඛ්‍යා දත්ත පෙන්නුම් කරයි.

මේ උදෙසාම නිපදවා වෙළෙඳ පොළට පැමිණෙන ආදළ ‘ලිට්ල් හාට්ස්’ පෑන් සහ පැන්සල් මෙරට පොදු මහජනතාවට ඉතා සරලව සහ මුදල් අතින් දරාගත හැකි මගකින් මෙම උතුම් කාර්යය සඳහා දායක විය හැකි ඉතාම ප‍්‍රායෝගික ක‍්‍රමවේදයක් වේ. සාධාරණ මිල ගණන් යටතේ පෑන් සහ පැන්සල් වෙළෙඳපොළට ඉදිරිපත්කර ඇති අතර එමගින් කරුණාබර හදවතක් ඇති සෑම අයෙකුටම දරුවන්ගේ ජීවිත බේරාගැනීම සඳහා දායක වීමේ අවස්ථාව සලසා තිබේ. භාණ්ඩ මිලදී ගැනීම අතින් සැලකීමේදී එදිනෙදා පාරිභෝගික භාණ්ඩ අතර පෑන් සහ පැන්සල් යනු ඉහළ අවශ්‍යතාවයකි. මෙම ලිට්ල් හාර්ට් පෑන් සහ පැන්සල් යනු ලිට්ල් හාට් ව්‍යාපෘතිය සඳහා අරමුදල් නැංවීමේ අභිලාෂයෙන් වෙළෙඳපොළට නිකුත් වූවක් බැවින් අගනා ව්‍යාපෘතියක කොටස්කරුවන් වීම සඳහා අරමුණක් සහිත තෝරාගැනීමක් බවට පරිභෝගිකයාගේ දෙසින් එය පත්ව තිබේ.

මෙම ව්‍යාපෘතියේ ප‍්‍රගතිය පැහැදිළි කරමින් කරුණු දැක්වූ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා, පරිත්‍යාගශීලීන් මගින් මේ වන විට ඒ සඳහා රුපියල් මිලියන 250ක මුදලක් එකතුවී ඇතැයි සඳහන් කළේය. මේ සඳහා තවත් සංවිධාන දෙකකින් රුපියල් මිලියන 170ක් සහ ශ‍්‍රී ලංකා රජය මගින් අයවැයෙන් වෙන්කරන ලද රුපියල් මිලියන 300ක මුදලක් ලැබීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පවසන ලදි. මෙම සංකීර්ණය ඉදිකිරීමේ ඉදිරි පියවර 2018 මැයි මාසයේදී ඇරඹීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ටෙන්ඩර් කැඳවීම 2018 පෙබරවාරි 04 වැනිදා පුවත්පත් මගින් ප‍්‍රසිද්ධියට පත්කළ අතර පූර්ව ටෙන්ඩර් රැුස්වීම එම මස 20 වැනිදා පැවත්වුණි.

‘මෙම ඉදිකිරීම් පිළිබඳ වගකීම ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගනු ඇති අතර 2019 වර්ෂයේ නොවැම්බර් මාසය වන විට මෙම සංකීර්ණය නිමවා භාරදීමට නියමිතව තිබෙනවා’ යැයි වෛද්‍ය සමරසංහ මහතා මෙහිදී පැවසීය.

‘අපි පොරොන්දු වූ පරිදි මෙම සන්ධිස්ථානය කරා රැුගෙන ඒමට හැකිවීම ගැන අපි නිහතමානීව ආඩම්රභ වෙනවා. මෙය ෘීඛ අපට තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියකට ලඝු වන කාරණයක් නෙවෙයි. මෙය රටේ සැබෑ අවශ්‍යතාවයක්. අගනා අරමුණක් පෙරදැරිව මෙම ‘ස්පීඞ් ලිට්ල් හාට්ස්’ පෑන් සහ ‘කැම්ලින් ලිට්ල් හාට්ස් ’ පැන්සල් මිලට ගත් අප පාරිභෝගිකයන්ට අපි කෘතඥ වෙනවා. විශේෂයෙන්ම, දිගින් දිගටම මේවා මිලදී ගන්නා අපේ පාසල් දරුවන්ට’ යනුවෙන් පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ අසිත විජේරත්න මහතා මෙම අවස්ථාවේදී ප‍්‍රකාශ කර සිටියේය.

‘අප සමාගම තවත් සමාජ සත්කාරක ව්‍යාපෘති කිහිපයක යෙදෙනවා. නමුත් අපට වඩාත් වැදගත්ම ව්‍යාපෘතිය ලෙස රැුඳෙනුයේ මේ ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියයි. අපේ මෙම අරමුණ ඉටුකරගැනීම සඳහා එක්වූ අපේ සියලූම පාර්ෂවකරුවන්ට අපි අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා’ යැයි ඒ මහතා වැඩිදුරටත් පවසන ලදී.