ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා නාවික අභ්‍යාසයක්

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා නාවික අභ්‍යාසයක්

September 3, 2015   04:06 pm



ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත වී තිබේ.

ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ මෙල්බෝන් නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාගර සහ සමුදුර යන නෞකා මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයට එක්ව ඇති බව වාර්තා වේ.

නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සහ කලාපයේ සාගර ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ප්‍රතිඵලදායී හා කාර්යක්ෂම දායකත්වයක් ලබාදෙනු ලබයි.

එම දායකත්වය සහ දෙරටේ නාවික හමුදා අතර සහයෝගීතාව මෙන්ම අන්තර් ක්‍රියාකාරී හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේ අරමුණ බව නාවික හමුදාව සඳහන් කරයි.