අරමුණ වෙත...

අරමුණ වෙත...

March 13, 2018  

Bookmark and Share
මහා ඝන කැලෑවේ සිටින වන අලින්ට පැවති වියළි කාලගුණ තත්ත්වය නිසා ආහාර හිගයක් මෙන්ම ජල හිගයකින් පීඩාවට පත්ව ඇත.

මේ දිනවල දිවයින පුරා වී අස්වනු නෙළීම ආරම්භ කොට තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල වී අස්වනු නෙලීම අවසන් වී තිබේ.

පසුගියදා වී අස්වනු නෙළා අවසන් ව පැවති අම්පාර නගර මධ්‍යයේ පිහිටි විශාල කුඹුරු යායකට වන අලින් 40 ක පමණ කණ්ඩායමක් පැමිණ තිබේ.

මෙම වන අලි කණ්ඩායම කුඹුරු මැදින් නියර දිගේ පෝලිමේ ගමන් කරමින් කුඹුරට ඈතින් පිහිටි වැවට බැස දිය බී ජලය මැදින් පෝලිමේ ගමන් කරන අපූරු දර්ශන පෙළක් අද දෙරණ අපට දැක ගැනීමට හැකි විය.

(ඡයාරූප) කාන්චන ආරියදාස