කංසා වගා කළ 4ක් දැලේ

කංසා වගා කළ 4ක් දැලේ

August 24, 2015   09:50 am




ඇඹිලිපිටිය, තෝරකොළයාය ප්‍රදේශයේ ඉඩමක කංසා වගා කළ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඹිලිපිටිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එම ඉඩමේ අඩි 08 ක් පමණ උසට වැඩුණු කංසා පැළ 10,000 ක් පමණ තිබූ බව සඳහන්ය.

සැකකරුවන් තෝරකොළයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් පත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.