සැකසහිත ඩිෆෙන්ඩර් රථයක් සමඟ 6ක් අත්අඩංගුවේ

සැකසහිත ඩිෆෙන්ඩර් රථයක් සමඟ 6ක් අත්අඩංගුවේ

August 3, 2015   02:43 pm


මාලිගාවත්ත, ඉන්ද්‍රම් හන්දිය ආසන්නයේදී සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්ද්‍රම් හන්දියෙන් කොළඹට  ඇතුළු වන රථ වාහයන පරික්ෂා කිරිමේ නිරත වූ මාලිගාවත්ත පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකටයුතු සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් පරික්ෂා කළ අවස්ථාවේ එහි තිබී පිහි ඇතුළු කැපෙන ආයුධ තොගයක් පොලිසිය බාරයට ගෙන තිබේ.

සැකකරුවන් රාගම, අඟුරුවාතොට, නාගොල්ලාගම, ගාල්ල සහ දෙහිඅත්තකණ්ඩිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටියේය.