උඩ යටට...

උඩ යටට...

January 17, 2018  

Bookmark and Share
කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු මෝටර් රථයක් හැටන් මල්ලිඅප්පු ප‍්‍රදේශයේදි මාර්ගය හරහා පෙරළි අනතුරක් සිදුවි ඇති බව හැටන් පොලීසිය පවසයි.

අද (17) පෙරවරු 9.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප‍්‍රදේශයේදිය.

අධීක වේගයෙන් ධාවනය වි ඇති මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය මාර්ගය අභියස කන්දේ හැපි ප‍්‍රධාන මාර්ගය හරහා පෙරළි තිබේ.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ දී එහි දෙදෙනෙකු ගමන් කර ඇති අතර ඔහුන් කිසිවෙකුටත් තුවාල සිදුවි නැහැ.

මෝටර් රථය අනතුරට පත්විම නිසා අනතුරට පත් ස්ථානයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට පමණක් සිමා කර තිබුණී.

ඡායාරූප - රංජිත් රාජපක්ෂ