පෙ‍රහැර නිසා මාතර විශේෂ රථවාහන සැලැස්මක්

පෙ‍රහැර නිසා මාතර විශේෂ රථවාහන සැලැස්මක්

July 30, 2015   04:41 pm



දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර නිමිත්තෙන්  මාතර අවට මාර්ග කිහිපයක රථවාහන ධාවනය අද පස්වරුවේ සිට සීමා කරන බව පොලීසිය පවසයි.

පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ පෙරහැර වීථී සංචාරය කිරීමට නියමිත අතර එම කාලය තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව  මාතර  සිට පැමිණෙන වාහන මැදවත්ත හන්දියෙන් කැකනදුර, වියන්ඔරුව හරහා නාඔටුන්න හන්දියෙන් ප්‍රධාන මාර්ගයට  පැමිණ තංගල්ල දෙසට ගමන් කළ හැකිය.

මාතර දෙස සිට පැමිණෙන මගී බස් රථවලට මැදවත්ත හන්දියෙන් තල්පාවිල මාර්ගය ඔස්සේ කෝන්ගහ හන්දියෙන් කරුඳුවත්ත මාර්ගය  හරහා ප්‍රධාන මාර්ගයට පිවිස තංගල්ල දෙසට ගමන් කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.
තංගල්ල සිට පැමිණෙන වාහන නාඔටුන්න හන්දියෙන් වියන්ඔරුව, කැකනදුර හරහා මැදවත්ත හන්දියෙන් ප්‍රධාන මාර්ගයට පිවිස මාතර දෙසට ධාවනය කළ හැකිය.

එමෙන්ම තංගල්ල දෙස සිට පැමිණෙන මඟී බස් රථ සඳහා කුරුඳුවත්ත හන්දියෙන් කෝන්ගහ සහ තල්පාවිල හරහා මාතර දෙසට ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.