මැ.කො අද පක්ෂ නියෝජිතයින් හමුවෙයි

මැ.කො අද පක්ෂ නියෝජිතයින් හමුවෙයි

July 28, 2015   08:55 am



දේශපාලන පක්ෂවල නිත්‍ය නියෝජිතයින් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

 ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදි වැඩි අවධානයක් යොමු කිරීමට  නියමිතව ඇත.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව දේශපාලන පක්ෂවල නියෝජිතයින් දැනුම්වත් කිරීම ද මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම සාකච්ඡාවේ දී සිදුකරනු ඇතැයි සඳහන්ය.

  මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිතා හෙට දිනයේ තැපෑලට භාරදෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව අනිද්දා දිනයේ සිට තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද රක්ෂණ පැකට් අදාළ රාජ්‍ය ආයතනවලට ලබාදීමේ කටයුතු අද දිනය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.