අගුණකොළපැලැස්සේ වෙඩි තැබීමක් - ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

අගුණකොළපැලැස්සේ වෙඩි තැබීමක් - ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

July 6, 2015   11:00 am

අගුණකොළපැලැස්ස - මුරවැසිහේන මහඇළ අසළදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථ රියදුරෙකු මෙලෙස වෙඩි වැදී මියගොස් බවයි.

ත්‍රීරෝද රථ රියදුරු අගුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරිමේදී මියගිය බව සඳහන්ය.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ගමන් කර ඇති බව  පොලිසිය පැවසුවේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අගුණකොළපැලැස්ස - නිර්මලගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

පොලිසිය පැවසුවේ වෙඩි තබන ලද පුද්ගලයා සම්බන්ධයෙන් ලද  තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගැනීමට අගුණකොළපැලැස්ස පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.