ගජමුතු මාෆියාවක් ‍හෙළිවෙයි - පොලීසියේ හිටපු අයෙක් මාට්ටු

ගජමුතු මාෆියාවක් ‍හෙළිවෙයි - පොලීසියේ හිටපු අයෙක් මාට්ටු

July 6, 2015   09:35 am

ගජමුතු අලෙවි කිරිමේ ජාවාරමක නිරත වූ හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු  බදුල්ල, රත්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල කොට්ඨාෂ  බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඊයේ(05)  පස්වරුවේ සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පොලිස් නිලධාරින් පිරිසක් ගජමුතු මිලදී ගන්නා ආකාරයට ගොස් වැටලීම සිදු කර තිබේ.

සැකකරුවන් විසින් පොලිස් නිලධාරින්ට ගජමුතු 08 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට අලෙවි කිරිමට උත්සහ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල, අන්දෙණිය  ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු 36 ක සහ 19 ක පුද්ගලයින් දෙදෙනෙකි.

ඔවුන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.