මාතර - කොටපොළ බස් වර්ජනයක්

මාතර - කොටපොළ බස් වර්ජනයක්

July 5, 2015   03:46 pm

මාතර - කොටපොළ මාර්ගයේ  පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

 පෞද්ගලික බස් රථ සේවකයින් තිදෙනෙකුට මුලටියන ඩිපෝවට අයත් බස් රථ සේවකයින් පිරිසක් සිදුකළ පහරදීමකට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා මෙම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්ය.

 දෙයියන්දර නගරය ආසන්නයේ දී ඊයේ සිදුකර ඇති අදාළ පහරදීමෙන් තුවාල ලැබු පෞද්ගලික බස් රථ සේවකයින් තිදෙනා මේ වන විටත් දෙයියන්දර ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන බව  වාර්තා වෙයි.

වර්ජනයේ නිරත බස් රථ සේවකයින් පවසන්නේ මුලටියන ඩිපෝ අධිකාරීවරයා අත්තනෝමතික ලෙස බස් රථ ධාවනයට එක් කිරීම හේතුවෙන් මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

  මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස  වර්ජනයේ නිරත පිරිස් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.