ප්‍රතිශක්තීකරණ වැඩපිළිවළ අන්තර්ජාතික ඇගයීමට ලක්වෙලා

ප්‍රතිශක්තීකරණ වැඩපිළිවළ අන්තර්ජාතික ඇගයීමට ලක්වෙලා

July 5, 2015   03:25 pm



මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙළ යටතේ ලබා තිබෙන සාර්ථකත්වය අන්තර්ජාතික ඇගයීමට ලක්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

එම සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ ඌණා මැකොලේ මහත්මිය නව පෝලීයෝ එන්නත හඳුන්වාදීමේ අවස්ථාවට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ බව  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ශ්‍රී ලංකාව සෙසු රටවල්වලට ද  ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන තුළින් ආදර්ශ සපයා ඇති බව එහිදි සඳහන් කර තිබේ.

පෝලියෝ රෝගය වැළඳීම වැළැක්වීම සඳහා මෙතෙක් ලබාදුන්නේ මුඛ එන්නතක් වන අතර ඊයේ දිනයේ සිට එම මුඛ එන්නතට අමතරව විදින අජීවි පෝලීයෝ එන්නත ද ලබාදෙනු ලබයි.