ලෝක හොරෙක් අතේ මාට්ටු

ලෝක හොරෙක් අතේ මාට්ටු

July 5, 2015   10:39 am



රන් ආභරණ හා දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු වැලිකඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී විවිධ බරින් යුත් රන් මාල 4ක්, ලැප්ටොප් පරිගණක දෙකක් සහ ජංගම දුරකථනයක් පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද අලුත්කඩේ අංක හතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.