අබ්දූල් කලාම් අද එයි

අබ්දූල් කලාම් අද එයි

June 25, 2015   09:35 am



තෙදින නිල සංචාරයක් සඳහා  ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා  අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයකට අනුව  අබ්දුල් කලාම් මහතා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

එම සංචාරය තුළදී ඉන්දීය හිටපු ජනාධිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

හෙට දිනයේ පැවැත්වෙන බලශක්ති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අබ්දුල් කලාම් මහතා සහභාගී වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඊට අමතරව ‘ශ්‍රී ලංකාවේ අනාගත නායකයින්‘ යන මැයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනයද ඉන්දීය හිටපු ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇත.