කාලයේ වටිනාකම...

කාලයේ වටිනාකම...

October 12, 2017  

Bookmark and Share
මුහමාලෙයි ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බව බිම් බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් සංවිධාන පවසයි.

අමෙරිකානු රාජ්‍ය නියෝජිතයින් පිරිසක් බිම් බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් සංවිධාන නියෝජිතයින් ඊයේ(11) යාපනය මුහමාලෙයි ප‍්‍රදේශයේදී හමුවු අවස්ථාවේදී ඩෑෂ් සංවිධාන නියෝජිතයින් මේ බව කියා සිටියේය.

අමෙරිකානු රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ යාපනය මුහමාලෙයි ප‍්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ඩෑෂ් සංවිධානයේ නියෝජිතයින් පැවසූවේ එල්.ටී.ටී.ඊ සංවිධානය හා මෙරට ආරක්ෂක අංශ මුහමාලෙයි ප‍්‍රදේශයේදී බිම් බෝම්බ අධික ලෙස වළලා තිබීම හේතුවෙන් අදාළ බිම් බෝම්බ ඉවත් කිරීමට දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුවන බවයි.

යුද්ධය බහුල වශයෙන් පැවති මුහමාලෙයි ප‍්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉදිරි ආරක්ෂක වළල්ලක් හා යුද හමුදා ඉදිරි ආරක්ෂක වළලක්ද පිහිටා තිබීම හේතුවෙන් අදාළ ප‍්‍රදේශ පුරා විශාල ප‍්‍රමාණයක් බිම් බෝම්බ වළලා ඇති බවද ඩෑෂ් සංවිධාන නියෝජිතයින් පැවසූහ.

මුහමාලෙයි,ඉත්තාවිල් හා වෙම්පොඩුකේනි ප‍්‍රදේශයන් පුරා අධික ලෙස බිම් බෝම්බ වළලා ඇති බව ඔවුන් කීය.

ඩෑෂ් සංවිධානය විසින් මුහමාලෙයි කලාපයේ වළලා තිබු විවිධ වර්ගයේ බිම් බෝම්බද අමෙරිකානු නියෝජිතයින් වෙත පෙන්වා දෙනු ලැබීය.

අමෙරිකානු තානාපති කාර්යාල නිළධාරීන් පිරිසක්ද නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියේය.

ඡායා රූප - මාධව කුලසූරිය