20 සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරවන්න ඉඩ දෙන්නේ නෑ

20 සම්මත නොකර පාර්ලිමේන්තුව විසුරවන්න ඉඩ දෙන්නේ නෑ

May 27, 2015   09:05 pm


 


20 සම්මත කර ගන්නා තුරු පාර්ලිමේන්තුව විසුරුවීමට ඉඩ නොදෙන බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කරති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පෞද්ගලිකවම අදාළ සංශෝධනයට සහය ලබාදීමට තමන් වහන්සේට එකඟතාවය පළ කර ඇති බවද උන්වහන්සේ කියයි.

එසේ තිබියදී එය සම්මත කර නොගන්නා තැනට කැබිනට්ටුව තුළ යම් ක්‍රියාදාමයක් සිදුවන්නේ නම් එයට එරෙහිවන බව රතන හිමියන් කියයි.

ඒ අනූව 20 වැනි සං‍ශෝධනය සම්මත නොකර පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ඉඩ නොදෙන බවත්, හැකිනම් පාර්ලිමේන්තුව විසුරවා පෙන්වන්නැයිද උන්වහන්සේ අද කොළඹ පැවැති රැස්වීමකදී අවධාරණය කළේය.