පැල්මයිරා හි බලය අයි. එස් සටන්කාමීන් යටතට
සයුරෙන් එතෙර

පැල්මයිරා හි බලය අයි. එස් සටන්කාමීන් යටතට

May 21, 2015   10:46 am



ලෝකයේ පුරාණ නටඹුන් සහිත නගරයක් ලෙස සැලකෙන සිරියාවේ පැල්මයිරා නගරයේ බලය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේදී අදාළ නගරයේ පාලනය සම්පූර්ණයෙන්ම අයි. එස් සටන්කාමීන් යටතට පත්කරගෙන ඇති බවයි.

අදාළ නගරයේ ලෝක උරුමයන් ලෙස සැලකෙන නටඹුන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

අයි .එස් සටන්කාමීන් විසින් එල්ල කළ ප්‍රහාර වලින් හට්රා සහ නිමරුඩ් යන පෞරාණික ස්ථාන ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.