හබරාදූව දුම්රිය හරස් පාරේ මළ සිරුරක්

හබරාදූව දුම්රිය හරස් පාරේ මළ සිරුරක්

May 18, 2015   10:27 am



හබරාදුව දුම්රිය හරස් මාර්ගය අසළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් මත හබරාදුව පොලිසිය විසින් එම මළසිරුර සොයාගෙන ඇත.

අදාළ කාන්තාව දුම්රියක ගැටී මිය යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
 
එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇය වයස අවුරුදු 60ක පමණ කාන්තාවක් බව වාර්තා වේ.

මේ වන විට මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.