වනසතුන්ට වස දෙන මනුසත්තු...

වනසතුන්ට වස දෙන මනුසත්තු...

August 12, 2017  

Bookmark and Share
මේ වනවිට හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශයන්ට පවතින නියඟය සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශයේ බොහොමයක් වැවු අමුණු සිදී ගොස්තිබේ.

මේ තත්ත්වය වන ගත ප්‍රදේශවල තිබෙන කුඩා වැව් අමුණුවලටද බෙහෙවින් බලපෑ ඇති නිසා වන සතුන්ද ජලය නොමැතිව පිඩා විදිති.

කෙසේනමුත් මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන වන සතුන් දිය සොයා එන වැව් ආශ්‍රිත කුඩා වලවල් තුළට වස දමා සතුන් මරා මස් පිණිස විකිණීමේ ජාවාරමක යම් පිරිසක් නියැළෙන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දෙයි.

මේ අකාරයෙන් කුඩා දිය වලවල් තුළට වසා දැමීම නිසා සූරියවැව , වැලි වැවේ ,සිදීගිය 14 වැව අසළ දිය සහිත කුඩා වලවල් තුළට සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් වස දැමීම නිසා දිය බිමට පැමිණි මුවෙකු සහ එළුවන් හත්දෙනෙකු මියගොස් තිබේ.

මෙම සිද්දියට අදාළ පරීක්ෂණ හම්බන්තොට වනජීවිකාර්යාලය හා සූරියවැව පොලීසිය එක්ව ක්‍රියාත්මක කරනු ලැබේ.

ඡායාරූ-රාහුල් සමන්ත