අඩුපාඩු තිබුණත් 19 සහය දෙනවා - දේශපාලන අරමුණු එපා - ජනතාවගේ  අරමුණු ඉටුකළ යුතුයි

අඩුපාඩු තිබුණත් 19 සහය දෙනවා - දේශපාලන අරමුණු එපා - ජනතාවගේ අරමුණු ඉටුකළ යුතුයි

April 19, 2015   12:06 pm

19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සඳහා සහය ලබාදෙන බව ජ.වි.පෙ. පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ අඩුපාඩුකම් කිහිපයක් පැවතියද එය සම්මත කර ගත යුතුව ඇති බවද ඒ මහතා එහිදී කීවේය.

එසේම ජ.වි.පෙ. ස්ථාවරය වුයේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවත්, නමුත් ඒ සඳහා මේ වන විට ප්‍රායෝගික ගැටලු රශියක් පවතින බවත් හෙතෙම පැවසුවේය.

ඒ අනුව  විධායක බලතල වල ඇති අත්තනෝමතික බලතලවත් ඉවත් කළ යුතු බවට ජ.වි.පෙ. එකඟ වු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තවද ලංකාවේ පවතින පක්ෂ වල දේශපාලන අරමුණු පසක තබා ජනතාවගේ අරමුණ ඉටුකිරීමට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කරන ලෙසද තමන් විසින් ඉල්ලා සිටින බව ඔහු එම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.