සංගා‍ තවත් සම්මානයකට පාත්‍රවෙයි

සංගා‍ තවත් සම්මානයකට පාත්‍රවෙයි

April 18, 2015   09:49 am

5 වන ආසියානු සම්මාන උළෙලේ ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් වූ සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට හිමි වී තිබේ.

ආසියානු සම්මාන උළෙලේ ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා මීට පෙර 2011 වසරේ සම්මානය හිමි වූයේ ටෙස්ට් කඩුලූ ලෝක වාර්තාව උසුලන ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ටය.

 පසුගිය වසරේ ආසියානු ක්‍රීඩා සම්මානය ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි දිනා ගත් අතර 2010 වසරේ සමාරම්භක තිළිණ ප්‍රදාන උළෙලේ එම සම්මානය දිනා ගත්තේ සචින් තෙන්ඩුල්කාර් විසින්ය.