පේරාදේණිය සරසවියේ නිවාඩුව දීර්ඝ කරයි

පේරාදේණිය සරසවියේ නිවාඩුව දීර්ඝ කරයි

April 17, 2015   11:18 am

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ලබන 22 වන දා දක්වා කල් දමා තිබේ.

අධ්‍යයන කටයුතු ලබන 20 වන දින ආරම්භ වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සියලුම පීඨ වල අධ්‍යයන කටයුතු ලබන 22 වන දින ආරම්භ කිරීමට තීරණය කර ඇති බැවින් නේවාසික පහසුකම් ලබා ඇති සියලුම සිසුන් 21 වන දින පස්වරු 1.00 න් පසු නේවාසිකාගාර වෙත වාර්තා කරන ලෙස  පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පාලන අධිකාරිය සඳහන් කරයි.