ත්‍රස්ත ක්‍රියා වලට එරෙහිව ඉන්දියාව ලංකාවේ සහය පතයි

ත්‍රස්ත ක්‍රියා වලට එරෙහිව ඉන්දියාව ලංකාවේ සහය පතයි

March 29, 2015   12:29 pm

ඉන්දියාවට එරෙහි පකිස්ථාන අයි.එස්.අයි.බුද්ධි අංශයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා  ශ්‍රී ලංකාවේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඉන්දියාව පවසයි.

පකිස්ථාන අයි.එස්.අයි.බුද්ධි අංශයේ ක්‍රියාකාරකම් සඳහා මෙරට පාකිස්ථාන තානාපති කාර්යාල නිලධාරීන් සෘජුවම සම්බන්ධ වී කටයුතු කරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති  බව සඳහන්ය.

පසුගිය රජය සමයේ ද පාකිස්ථාන අයි.එස්.අයි. බුද්ධි අංශයේ මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබු බවයි  ඉන්දීය බුද්ධි අංශ පවසයි.

කෙසේ වෙතත් වත්මන් පාලනය යටතේ පකිස්ථානයේ එම ක්‍රියාපිළිවෙතට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව  ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

පකිස්ථාන අයි.එස්.අයි බුද්ධි අංශයේ ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාවේ පකිස්ථාන තානාපති නිලධාරීන් සම්බන්ධ බවට තහවුරු කළ හැකි තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරන බව ද ඉන්දීය බුද්ධි අංශ පවසයි.