එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත තහනම් වෙයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත තහනම් වෙයි

March 28, 2015   05:47 pm

මේ වන විට යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත වරක්  තහනම් කර ගැනීමට හැකි වු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.


මෙය මෑත කාලීනව ලද විශිෂ්ටතම රාජතාන්ත්‍රාක ජයග්‍රහණයක් බව ඒ මහතා අද දෙරණට සඳහන් කළේය.


මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත්,  එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස එසවීම වැලැක්වීම සඳහා ප්‍රඥා‍වන්තව කටයුතු කරන  වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තහවුරුවීමක් මෙමගින් සිදුවන බවත්, හෙතෙම සඳහන් කර සිටියේය.