රත්ගම සභාපතිට වෙඩි තියයි - සභාපති මරුට

රත්ගම සභාපතිට වෙඩි තියයි - සභාපති මරුට

March 24, 2015   01:37 am



රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබේ.

රාත්‍රී, හික්කඩුවේ හෝටලයක පැවැති විනෝද සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදුණු ඒ මහතා කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇත.

එහෙත් ඒ මහතා මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට හික්කඩුව පොලිසිය විසින්  පරීක්ෂණ ආරම්භ කර ඇති බව අප වාර්තාකරු පැවසීය.