වතු කම්කරු ගැටලු වලට විසඳුම් දෙනවා

වතු කම්කරු ගැටලු වලට විසඳුම් දෙනවා

February 28, 2015   04:53 pm



වතු කම්කරුවන්ගේ මෙන්ම වතු අධිකාරීවරුන්ගේ ගැටලු සඳහා ද විසඳුම් ලබාදෙන බව වතු යටිතල පහසුකම් සංවර්ධන  අමාත්‍ය  පී. දිගම්බරම් මහතා පවසයි.

අමාත්‍යවරයා  පැවසුවේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ අදාළ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බවයි.

නුවරඑළිය, ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශාලාවේ පැවති  දින සියයේ වැඩපිළිවෙළ  පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික්කයේ  වතු අධිකාරීවරුන් දැනුවත් කිරීමේ  වැඩසටහනකට එක් වෙමින් අමත්‍යවරයා  මෙම අදහස් පළ  කළේය. 

එමෙන්ම වතු අධිකාරීවරුන්ට, කිසිවකුගේ බලපෑමකින් තොරව සිය රාජකාරී කටයුතු ස්වාධීනව කරගෙන යාමට අවස්ථාව දැන් ලැබී ඇති බව යි පී.දිගම්බරම් අමාතළුවරයා  එහිදී ප්‍රකාශකර ඇත.