දේශපාලන පලි ගැනීම්වලින් තොර රාජ්‍ය සේවයක් අවශ්‍යයි

දේශපාලන පලි ගැනීම්වලින් තොර රාජ්‍ය සේවයක් අවශ්‍යයි

February 28, 2015   08:27 am




වත්මන් රජයේ ප්‍රතිපත්තිය දේශපාලන පලිගැනීම් වලින් තොර අපක්ෂපාතී ස්වාධීන රාජ්‍ය සේවයක් බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


දේශපාලන ස්ථාන මාරුවීම් තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

 
සමස්ථ ලංකා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ  පැවති සාකච්ජාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කර තිබේ.


සමෘද්ධි ව්‍යාපාරය  තවදුරටත් ශක්තිමත් කිරීම තම අරමුණ බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.