ඉන්දීය ධීවරයින් 86 නාවික දැලේ

ඉන්දීය ධීවරයින් 86 නාවික දැලේ

February 27, 2015   09:43 am



මුහුදු සීමා උල්ලංඝණය කරමින් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 86 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩබලන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා පැවසුවේ මුලතිව් ප්‍රදේශයට නැගෙනහිරින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී එම ධීවරයින් පිරිස ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් සමග යාත්‍රා 10ක්ද ‍නාවික හමුදා බාරයට ගෙන ඇති අතර ඉදිරි ක්‍රියාමාර්ගය සඳහා  ත්‍රීකුණාමලය හා කන්කසන්තු‍ෙර් පොලිස් ස්ථානවලට එම යාත්‍රා හා ඉන්දීය ධීවරයින් බාරදීමට කටයුතු යොදා ඇති බවද ඒ මහතා කියා සිටියේය.