උපුල් තරංගට අනුමැතිය ලැබෙයි

උපුල් තරංගට අනුමැතිය ලැබෙයි

February 25, 2015   11:31 am




ශ්‍රී  ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා ඔහු වෙනුවට උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව තිබේ.

පුහුණුවීම් තරඟයක් අතරතුර ජීවන් මෙන්ඩිස් ආබාධයකට ලක්වූ බව ඊයේ වාර්තා විය.

ඒ අනූව ඔහුගේ අඩුව පිරවීම සඳහා උපුල් තරංග කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබුණි.

මේ බව ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දීමක් කර තිබූ අතර ඒ අනූව උපුල් තරංග කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනූව උපුල් තරංග ඉදිරි තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇත.

ලෝක කුසලාන සංචිතයට නම් කර තිබූ ධම්මික ප්‍රසාද් ද ආබාධයකට  ලක්වීම නිසා චමීර දුෂ්මන්ත කණ්ඩායමට කැඳවීමට ක්‍රිකට් කවුන්සිලයේ අවසරය හිමිවිය.