කාසියේ වාසිය ලංකාවටයි - ඇෆ්ගනිස්ථානය ලකුණු 232යි

කාසියේ වාසිය ලංකාවටයි - ඇෆ්ගනිස්ථානය ලකුණු 232යි

February 22, 2015   09:00 am



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය නවසීලන්තයේ ඩනිඞ්න් හී යුනිවර්සිටි  ඕවල් ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග   මේ වන විට පැවැත්වෙමින් තිබේ.

 

 තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානයට ලබා දුන්නේය.


ඒ අනුව පළමුව පන්දුවට පහර දෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.4ක් අවසානයේ සියලුම කඩුළු දැවී  ලකුණු 232ක් ලබා ගන්නා‍ ලදී.


 


අද දිනයේ ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ කළේ ජාවෙඞ් අහමදී සමග නව්රොස් මංගල්. ඇෆ්ගනිස්ථාන ලකුණු පුවරුව 34ක් වන විට පළමු කඩුල්ල ලෙස නව්රොස් දවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් සමත්වුණි.

මුළු ලකුණු සංඛ්‍යාව 40ක්ව තිබියදී  තරගයේ දෙවැනි කඩුල්ල ලෙස ජාවෙඞ් අහමදී දැවි ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවකටය.


  ඉන් පසු පිටියේ එක්වු අස්ගාර් ස්ටැනික්සායි සහ සමිවුල්ලා ෂෙන්වාරී 03 වන කඩුල්ල වෙනුවෙන් ලකුණූ 88ක සබඳතාවක් ගොඩනගන ලදී.

 

අස්ගර් ලකුණු 54කට රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ දැවි ගිය අතර සමිවුල්ලා ලකුණු 38කට දවා ගැනීමට තිසර පෙරේරා සමත්වුණි.


05 වැනි කඩුල්ල ලෙස මොහොමඞ් නබී දැවිගියේ ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේයි.


 තරඟයේ පිළිතුරු ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරඟ කරමින් පවතියි.