බියගම මනුෂ්‍ය ඝාතනයක්

බියගම මනුෂ්‍ය ඝාතනයක්

February 16, 2015   09:51 am


බියගම, මල්වාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබේ.

බහින්බස් විමක් දුරදිග යාමෙන් ඇති වු  ගැටුමක් ඝාතනයට හේතු වී ඇති බව  පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ නෙළුවැව, නාච්චාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද කඩවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.