ත්‍රීවීල් රියදුරන් එක්වී 21 හැවිරිදි මව ගණිකා සේවයේ යොදවලා

ත්‍රීවීල් රියදුරන් එක්වී 21 හැවිරිදි මව ගණිකා සේවයේ යොදවලා

February 16, 2015   09:10 am


21 හැවිරිදි මවක ජංගම ගණිකා සේවයේ යොදවා මුදල් හම්බ කළ බව කියන දඹුල්ල නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් 3ක් දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් උපාය දුතයන් පිරිසක් යොදවා පිරිස සමග තරුණියද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගැණුම්කරුවෙකුගෙන්  එක අවස්ථාවකට රු 3000ක් අයකරන ත්‍රීරෝද රියදුරෝ තරුණියට රු 1000ක් ලබාදෙන බව පොලිසිය කියයි.

සැකකරුවන් අද දඹුල්ල අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.