අයි.එස් සටන්කාමින්ගේ ඉස්ලාම් රාජ්‍යය සිහිනයක්
සයුරෙන් එතෙර

අයි.එස් සටන්කාමින්ගේ ඉස්ලාම් රාජ්‍යය සිහිනයක්

February 12, 2015   09:43 am



අයි.එස් සටන්කාමීන්ගේ ඉස්ලාම් රාජ්‍යක් ගොඩනැගීමේ බලාපොරොත්තුව අහිමි වී ඇති බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් අයි.එස්  සටන්කාමීන්ට එරෙහිව යුද්ධය කිරීම සඳහා එරට කොංග්‍රසයෙන් නීත්‍යානුකූල අනුමැතිය ඉල්ලා  ඇත.

අයි.එස් සටන්කාමීන්ට එරෙහිව සටන්කරනු ලබන්නේ ආරක්ෂාව සඳහා බව අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

ඉස්ලාම් රාජ්‍යක් ගොඩනැගීම සඳහා සටන්වැද සිටින අයි.එස් සටන්කාමීන්ගේ බලකොටු වෙත අමෙරිකාව විසින්  දිගින්දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටියි.