දකුණු කොරියාවේ වාහන ගැටුම!
සයුරෙන් එතෙර

දකුණු කොරියාවේ වාහන ගැටුම!

February 11, 2015   04:16 pm



අධිවේගී මාර්ගයකදී රථවාහන සියයක පමණ සංඛ්‍යාවක් එකිනෙක ගැටී සිදුවු රිය අනතුරක් දකුණු කොරියාවෙන් වාර්තා වේ.

දකුණු කොරියාවේ ඉංචියෝන් සහ සෝල් අගනුවර යා කෙරෙන පාලම මත මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් පුද්ගලයින්  දෙදෙනෙකු මියගොස් තවත් 42 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් අතර විදෙස් ජාතිකයින් 05 දෙනෙකු ද වනබව සඳහන්ය.

අනතුරට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති නමුත් බස් රථයක් මෝටර් රථයක ගැටීමත් සමග  අනතුරු මාලාව ආරම්භ වී ඇති අතර පසුපසින් පැමිණි සෙසු රථවාහන වලට එකවර නතර කර ගත නොහැකිව එකිනෙක ගැටී ඇති බව දකුණු කොරියානු බලධාරීන් විශ්වාස කරයි.