වැට් බදු වංචාවේ මොළකරුවන් අත්අඩංගුවේ

වැට් බදු වංචාවේ මොළකරුවන් අත්අඩංගුවේ

February 7, 2015   11:15 am



මෙරටදී සිදු වූ මහා පරිමාණ වැට් බදු වංචාව සම්බන්ධයෙන් වරදකරුවන් වී සිටි පුද්ගලයින් දෙදෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.


අවුරුදු 100 ගණනක් සිරගෙට නියම වූ වරදකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.


මලයාසි‍යාවේදී අත්අඩංගුවටගත් අදාළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  විසින්  ඊයේ(06)  රාත්‍රීයේ දිවයිනට රැගෙන ආ බව පොලීසිය පවසයි.


එක් වරදකරුවෙකුට වසර 280ක සිර දඬුවමක් නියම කර තිබු අතර අනෙක් වරදකරුට  අධිකරණය  විසින්  අවුරුදු 100ක සිර දඬුවමක් ද නියම කර තිබුණි .