උඩරට දුමිරිය මඟ හරස් කරමින්  විරෝධය දක්වයි

උඩරට දුමිරිය මඟ හරස් කරමින් විරෝධය දක්වයි

February 1, 2015   02:11 pm

උඩරට දුම්රිය මග හරස් කරමින් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයේ නිරත වෙමින් තිබේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ගමන් කිරීමට ඉඩ නොදී තලවකැලේ ප්‍රදේශයෙන් දුම්රිය මග හරස් කරමින් මෙලෙස අදාළ පිරිස උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

පසුගිය දින තලවාකැලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන් වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මෙම පිරිස මෙලෙස විරෝධය දක්වන බව සඳහන්ය.

කෙසේ වෙතත් ජලාශට පැන අතුරුදහන් වු පුද්ගලයාගේ මළ සිරුර මේ වන විට හමු වී ඇති බව වාර්තා වෙයි.