ශර්මා විදේශ ඇමති හමුවෙයි

ශර්මා විදේශ ඇමති හමුවෙයි

February 1, 2015   12:36 pm

දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේශ් ශර්මා මහතා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ(31)  පස්වරුවේ අදාළ සාකච්ඡාව පැවති බවයි.

මෙහිදි වත්මන් රජයේ ඉදිරිවැඩපිළිවෙළ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා දැනුම්වත් කර තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේශ් ශර්මා මහතා දිවයිනට පැමිණියේය.

ඔහු දිවයිනේ රැඳී සිටින කාලය තුළ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.