අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාව ජය ලබයි

අවසන් තරඟයෙන් ශ්‍රී ලංකාව ජය ලබයි

January 29, 2015   05:22 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 34ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 287ක් ලබාගත්තේය.

එම ඉනිම වෙනුවෙන් කුමාර සංගක්කාර නොදැවී ලකුණු 113ක් ලබාගත් අතර ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 81ක් ලබාගැනීමට සමත් වුණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 253ක් පමණි.

කෙසේ වෙතත් තරග 7කින් සමන්විත එක්දින තරගාවලිය 4ට 2ක් ලෙස ජයගත්තේ නවසීලන්ත කණ්ඩායමයි.