ශ්‍රී ලංකාව පළමුව පහරදෙයි

ශ්‍රී ලංකාව පළමුව පහරදෙයි

January 29, 2015   08:43 am

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන 07 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වනවිට නවසීලන්තයේ වෙලින්ටන් හිදී පැවැත්වෙයි.

තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් මීට ටික වේලාවකට පෙර පන්දුවාර 30.4 දී එක් කඩුල්ලක් දැවී ලකුණු 163ක් ලබා සිටියේය.

අද තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇති අතර කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්න විසින් දරනු ලබයි.

දුෂ්මන්ත චමීර අද දිනයේ සිය මංගල එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වී සිටියි.

තරගාවලිය මේවන විට 04ට 01ක් ලෙස ජය ගැනීමට සමත්ව සිටින්නේ නවසීලන්ත කණ්ඩායමයි.