ඉන්දියාව 66 වන ජනරජ දිනය සමරයි
සයුරෙන් එතෙර

ඉන්දියාව 66 වන ජනරජ දිනය සමරයි

January 26, 2015   11:12 am

ඉන්දියාව අද සිය 66 වන ජනරජ දිනය සමරයි.

ජනරජ දින සැමරුම් උත්සවය දිල්ලි නුවරදී එරට වේලාවෙන් අද පෙරවරු 10ට ආරම්භ වුණි.

ඉන්දිය ජනාධිපති ප්‍රනාම් මුකර්ජි සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සහ ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා සහභාගී වී සිටී.

සැමරුම් උත්සවය වෙනුවෙන් ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර අමෙරිකානු ජනාධිපතිවයකු ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන්ය.