පොලිස් ලොක්කන්ගේ පුටු මාරු වූ හැටි

පොලිස් ලොක්කන්ගේ පුටු මාරු වූ හැටි

January 25, 2015   11:45 pm

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙස මාරුකර තිබේ.

එසේම උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

සබරගමුව පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ.

මේ අතර නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා ඌව පළාතේ වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද පත්කර ඇත.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා සබරගමු පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරන බව පොලිස් මූලස්ථානය කියයි.

ඉහත මාරුවීම්වලට අමතරව යාපනය දිස්ත‍්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා පොලිස් මූලස්ථානයේ විශේෂ රාජකාරී සඳහා කැඳවා ඇත.

සේවා අවශ්‍යතාවය මත මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි සඳහන්ය.