පෙට්‍රල් 33කින්, ඩීසල් 16කින් හා භූමිතෙල් 16කින් ගණන් බස්සයි

පෙට්‍රල් 33කින්, ඩීසල් 16කින් හා භූමිතෙල් 16කින් ගණන් බස්සයි

January 21, 2015   09:46 pm

ජනපති මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකට අනූව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස්වී ගනු ලැබූ තීරණයකට අනූව නව මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 117කි. පෙර මිල රුපියල් 150කි. අඩුකළ මුදල රුපියල් 33කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 128කි. පෙර මිල රුපියල් 158කි. අඩුකළ මුදල රුපියල් 30කි.

ඩීසල් (සුපිරි) ලීටරයක නව මිල රුපියල් 110කි. පෙර මිල රුපියල් 133කි. අඩුකළ මුදල රුපියල් 23කි.

ඩීසල් (සාමාන්‍ය) ලීටරයක නව මිල රුපියල් 95කි.පෙර මිල රුපියල් 111කි. අඩුකළ මුදල රුපියල් 16කි.

භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 65කි. පෙර මිල රුපියල් 81කි. අඩුකළ මුදල රුපියල් 16කි.

ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ගණන් වෙනස්වීම හා වෙනත් වෙළඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ මුදල් අමාත්‍යතුමාගේ උපදෙස් මත ඉන්ධන සඳහා කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවද විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

කෙසේ වෙතත් පසුගියදා විදුලිබල නියෝජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ එළඹෙන නිදහස් දිනයට සමගාමීව ඉන්ධන මිල පහත දමන බවකි.