සිරිකොත ඉදිරිපිට ගැටුමක් - කිහිප දෙනෙකුට තුවාලයි - (ඡායා රූ සහිතයි)
December 24, 2014 10:43 am
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට පැමිණි ආචාර්ය ගුණදාස අමරසේකරගේ කැඳවුම්කාරකත්වයෙන් යුතු ජාතික සංවිධාන එකමුතුවේ පිරිසක් උද්ඝෝෂණය කර තිබේ.
ඒ අනුව දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී ඇති අතර මේවන විට තත්ත්වය බෙහෙවින් නොසන්සුන්වී ඇති බව අප වාර්තාකරු කියා සිටියි.
කෙසේ වෙතත් මෙම ගැටුමෙන් කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇති බවද සඳහන්ය.
ඡායා රූ - එජාප මාධ්‍ය ඒකකය