“ මහින්ද චින්තන ලොව දිනන මඟ” එළිදකී!

“ මහින්ද චින්තන ලොව දිනන මඟ” එළිදකී!

December 23, 2014   09:54 am

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි ජනපති මැතිවරණය වෙනුවෙන් ‍සැකසූ “ මහින්ද චින්තන ලොව දිනන මඟ” ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට ටික වේලාවකට පෙර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදක්වා තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මහ සංඝරත්නය වෙත එහිදී පිළිගන්වා ඇත.

“ මහින්ද චින්තන ලොව දිනන මඟ” යනුවෙන් නම් කර ඇති එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට ආගමික නායකයින්, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටිති.