ටී.එන්.ඒ. තීරණය තවත් පැය 48න්

ටී.එන්.ඒ. තීරණය තවත් පැය 48න්

December 21, 2014   02:27 pm

ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳ ඉදිරි පැය 48 ඇතුළත ප්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ වව්නියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

එහිදි මෙම කරුණු අනාවරණය වු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයිකලනාදන්, ශිවශක්ති ආනන්දන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා එම පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයින් ද සහභාගී වී තිබේ.

ජනාධිපතිවරණයේ දී සහය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර අවසන් තීරණය පක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.