නව සංක්‍රමණ නීති සඳහා සෙනෙට් අනුමැතිය
සයුරෙන් එතෙර

නව සංක්‍රමණ නීති සඳහා සෙනෙට් අනුමැතිය

December 5, 2014   10:28 am

ඕස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ නීති සඳහා එරට සෙනෙට් සභාව අනුමැතිය පළ කර තිබේ.

සරණාගතයින් වෙනුවෙන් තාවකාලික වීසා ලබාදීම ද නව නීතිවලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

වසර 03ත් 05ත් අතර කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හෝ රැකියාවේ නිරත වන සරණාගතයින්ට ද නව නීති අදාළ ය.

ඊයේ පැවති ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 34ක් ලැබුණු අතර ඊට විපක්ෂව ද ඡන්ද 32ක් ලැබී ඇත.