වතුර වළ දරු දෙදෙනා බිලිගනී

වතුර වළ දරු දෙදෙනා බිලිගනී

November 27, 2014   03:41 pm

සේරුනුවර, ඉංගතුරේ, මොහොට්ටුවාරම් ප්‍රදේශයේ ජලය පිරුණු අනාරක්ෂිත වලකට වැටීමෙන් අවුරුදු දෙකහමාරක හා අවුරුදු දෙකක කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අද පෙරවරුවේ මෙය සිදුව ඇත.

යාබද නිවෙස් දෙකක පදිංචි එම දරුවන් දෙදෙනා නිවෙස් පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති බව සඳහන්ය.

පසුව මව්පියන් ගොස් සොයා බැලීමේ දී ජලය පිරුණු වළේ වැටී සිටි දරුවන් දෙදෙනා සොයාගෙන ඇති අතර ඔවුන් ගොඩට ගෙන ඊචලම්පත්තුව රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකහමාරක පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු දෙකක ගැහැණු දරුවෙකි.