මිහින්තලේ අය වැය පරාදයි

මිහින්තලේ අය වැය පරාදයි

November 27, 2014   02:20 pm

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේදී අද (27) අය වැය පරාජයට පත්ව තිබේ.

අය වැයේදී මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති හා තවත් මන්ත්‍රීවරයෙක් ඊට පක්ෂව ඡන්දය දී ඇති අතර විපක්ෂයේ මන්ත්‍රීන් තිදෙනෙකු විරුද්ධව ඡන්දය භාවිතා කර ඇති බව අප වාර්තාකරු කියයි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් සිව්දෙනෙකු අද සභාවට පැමිණ සිට නැති අතර විරුද්ධ පක්ෂයේ එජාප මන්ත්‍රීන් දෙදෙනෙකු හා ජවිපෙ මන්ත්‍රීවරයෙකු ඊට විරුද්ධව ඡන්දය දී තිබේ.

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සංයුතිය ආණ්ඩුපක්ෂයට 6ක් හා විපක්ෂයට 3ක් වශයෙනි.