විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආයුධවලින් කොමිස් ගන්නවා

විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආයුධවලින් කොමිස් ගන්නවා

November 27, 2014   08:43 am

යුද්ධය සිය ආදායම් මාර්ග බවට පත්කරගෙන සිටි පුද්ගලයින් යළිත් වරක් රට තුළ යුධමය වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු තවමත් රටට මිලදී ගන්නා අවි ආයුධ වලින් කොමිස් මුදල් ලබා ගන්නා බවයි.

කැප්පෙටිපොල තරුණ ව්‍යාපාරයේ කොළඹ දිසා සමුළුව අමතමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම සමුළුව මහරගම තරුණ සේවා රඟ‍හලේදී පැවැත්විණ.